පළකල දිනය : Tue, Jul 14th, 2020

පිටබැද්දරද පවුල් 5ක් නිරෝධායනයට

මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළකුට කොරෝන වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියෙකි.

නිවාඩු ලබා තම නිවසේ සතියක පමණ කාලයක් ඔහු ගත කර ඇත.

එම කාලය තුළ ඔහු පිටබැද්දර නගරය ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන ගණනාවකට ගොස් ඇති අතර මහ මැතිවරණයට අදාළ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.

ඔහුට සමීප ආශ්‍රියන් වූ පවුල් පහක් පුද්ගලයන් නිරෝධායනයට ලක් කර ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button