පළකල දිනය : Thu, Jul 30th, 2020

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පැවසුවේ, ඒ හේතුවෙන් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවය.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් ආශ්‍රිතව සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී මෙම රෝගියා හමුවී තිබේ.

එම රෝගියා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇතැයි වෛද්‍ය කුමාරවංශ මහතා පැවසීය.

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පැවසුවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් එහි සංචාරය කිරීමට නියමිත බවය.

එම විශේෂඥ කණ්ඩායම විසින් දෙනු ලබන නිර්දේශ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නැවත විවෘත කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බව ද පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වැඩිදුරටත් පැවසීය.

– මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button